භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
WAHALKADA HEMAMALI M.V.

අ/ හේමමාලි මහ විදුහල

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

  • Register
  • Login
WAHALKADA HEMAMALI M.V.

අ/ හේමමාලි මහ විදුහල

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • භාගත කිරීම්
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

අභිමානවත් ශ්‍රී ලංකා දෙරණේ වාහල්කඩ පුරමැද දිලෙන හේමමාලි විදු මෑණියන් ගුණ නෑණ සපිරි දරුවන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.  විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික ද්විතීයික යන අංග දෙකෙන්ම සිදුවන අතර O/L , A/L ප්‍රතිඵල හා සමස්ථ ලංකා තරග වලින් අවුරුදු ගණනාවක් තිස්සේ විශිෂ්ඨ ජයග්‍රහණ මැද අප විදු මෑණියන් වැජබෙයි. දේශීය හර පද්ධතීන්ට ගරු කරමින් ජාතික සමගිය හා දේශීය අනන්‍යතාව රැකගනිමින්, වෙනස් වන ලෝකයට මුහුණ දිය හැකි, කායික හා මානසික ප්‍රබෝධයකින් යුතු, සදාචාරවත් හා බුද්ධිමත්, දරු පරපුරක් බිහිකිරීම දැක්ම හා අනාගතය ලෝකය ජය ගත හැකි වුවද දැනුම, කුසලතා, ආකල්ප හා කායික මානසික ජාතික හර පද්ධතීන්ගෙන් සපිරුනු ප්‍රතාපවත් දරුපරපුරක් නිර්මාණය කිරීම මෙහෙවර කොට ගෙන වසර 44 ක් පුරාවට දහස් ගණන් දරුවන්ගේ නැණ ගුණ පාදා ඇත. අප පාසලේ ආරම්භය 1979.03.15  සිදු වූ අතර ආරම්භයේදී ගුරුවරු තිදෙනෙක් සිටිය අතර මුල්ම විදුහල්පති තුමා වූයේ ඒ.එම්.හේමතිලක මහතාය. ආරම්භක ලමයි ප්‍රමාණය වූයේ ලමුන් අටක් පමණි. මුලින්ම බාලාංශයේ සිට පහ ශ්‍රේණිය දක්වා පංති තිබූ අතර පසුව එකොලහ වසර දක්වා පැවැත්වූ අතර මුලින්ම O/L පංතිය 1988 පැවැත්විය. එහිදී ලමයි 10 ක් පමණ ඉදිරිපත්ව ඇත. 2007 න් පසු O/L ප්‍රතිඵල ඉහල අගයක් ගත් අතර 2014 , 2015 යන වර්ෂ වල කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ හොදම ප්‍රතිඵල වාර්තා කිරීමට අප විදිහලට හැකි විය. හේමමාලි විදුහලේ ක්‍රීඩා අංශයෙන් කැපීපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රිය ක්‍රීඩාවක් විය. මෙම පාසල තුල නර්ථන අංශය 2009 සිට වසර 05 ක් අඛණ්ඩව සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි විය. 2012 වර්ෂයේ මෙම විදුහලේ A/L කලා අංශයේ පංතියක් ආරම්භය අතර ඒ සදහා පුරෝගාමී වූයේ හිටපු විදුහලේ යූ.බී.කුමාරසිංහ මහතාය. 2014 වර්ෂයේ දරුවන් 09 ක් අතුරෙන් එක් දරුවෙක් ප්‍රථම වරට විශ්වවිද්‍යාලයට යැවීමට හැකි විය. ආරම්භයේ සිට වර්ථමානය දක්වා විදුහල්පති වරුන් 07 දෙනෙක් අප පාසලේ සේවය කර ඇත. ව‍ර්ථමානයේ ලමුන් 300 ත් 500 ත් අතර ප්‍රමාණයක් හා ගුරුවරුන් 26 ක් පමණ සිටින අප පාසල වාහල්කඩ ප්‍රදේශයේ දිදුලන මැණිකකි.   

1.ඒ.එම්.හේමතිලක           

2. ඩබ්ලිව්.ගුණසිංහ           

3. එම්.ජයවර්ධන                 

4.ජේ.එම්.සී.ඒ.ජයසේකර     

5.යූ.පී කුමාරසිංහ                

6.පී.සේනාරත්න ( වර්තමාන විදුහල්පති) 

 

ආරම්භ කළ වර්ෂය

1979 මාර්තු 15

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

08

මුල් ගුරුතුමාගේ නම

ඒ.එම්.හේමතිලක

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හේමමාලී මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ඒ.එම්.හේමතිලක

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

වාහල්කඩ රෝහල අසල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 
WAHALKADA HEMAMALI M.V.

අ/ හේමමාලි මහ විදුහල

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • D-4 wahalkada kebithigollewa

: (+94)719212475

: (+94)719212475

: [email protected]

Supported By

© 2026 WAHALKADA HEMAMALI M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk